fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රස්තවාදී චෝදනා නෑ - වසන්ත මුදලිගේ නිදහස්

    ත්‍රස්තවාදී චෝදනා නෑ – වසන්ත මුදලිගේ නිදහස්

    ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 150කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කරන ලෙස කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(31) නියෝග කළේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සැකකරු සිදු කර නොමැති බව අනාවරණය වන බැවින් ඔහු නිදහස් කරන බව අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

    කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ දි ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අවභාවිත කර ඇති බවද මෙහි දී සඳහන් විය.

    වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවට චෝදනා කරමිනි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.