fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීස් නීති අංශයේ සාජන් නිධන් හාරන්න ගිහින් අත්අඩංගුවට

    පොලීස් නීති අංශයේ සාජන් නිධන් හාරන්න ගිහින් අත්අඩංගුවට

    පූඩළුඔය පොලිස් වසමේ පිහිටි ඓතිහාසික පුසුල්පිටිය විහාරස්ථානය පිටුපස මලියදේව ලෙන ආසන්නයේ නිධන් හාරමින් සිටි පොලිස් නීති කොට්ඨාශයේ සැරයන්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැරයන්වරයා ඌරාපොල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. සෙසු සැකකරුවන් රුවන්වැල්ලේ පදිංචිකරුවන්ය.

    ගල්විදින උපකරණ, වෙඩි පෙහෙත් ආදී ද්‍රව්‍ය රැසක්ද පොලීසිය මෙම නිධානය හාරමින් සිටි ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

    සැකකරුවන් සිව් දෙනා නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.