fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක්ෂයි මාධ්‍යවේදියයි රිමාන්ඩ්

    පාර්ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක්ෂයි මාධ්‍යවේදියයි රිමාන්ඩ්

    ජංගම දුරකතනයකින් පාර්ලිමේන්තුව වීඩියෝගත කරමින් සිටියදී අත්අඩංගුවටගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ මාධ්‍යවේදියා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද සවස ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    විම්ෂන් ක්‍රියේෂන්ස් නැමැති ආයතනයේ චිත්‍රපට අධ්‍යක්ෂ බව කියන එස්. විමලරාජ් (31) නැමැති යාපනය වෛමන් පාරේ පදිංචිකරුවෙක් සහ එන්ස්පෝසර් ඩිජිටල් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන එම්.එන්.එම්. සාදීර්(22) නැමැති මහනුවර මහයියාවේ පදිංචිකරුවෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරග කර තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනාව පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයට භාරදී තිබුණේ ඊයේ (29)ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.