තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියකට යටවුණු හිමි නම අපවත් වෙති

    විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියකට යටවුණු හිමි නම අපවත් වෙති

    කැබතිගොල්ලෑව ගල්කඩවල අශෝකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරමින් සිටියදී බිත්තියකට යටවී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුවක් ඊයේ (29) අපවත් වී ඇත.

    මැදිරිගිරියේ කරුණාරථන හිමියන් මෙසේ අපවත් වී ඇතැයි කැබතිගොල්ලෑව වාහල්කඩ පොලීසිය සඳහන් කරයි. උන්වහන්සේ අපවත්වන විට 70 වන වියේ පසුවූහ.

    විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ල කඩා ඉවත්කරමින් සිටියදී ඊට උන්වහන්සේ යටවී ඇත්තේ පසුගිය 20 වෙනිදාය.

    කැබතිගොල්ලෑව රෝහලට මුලින්ම ඇතුලත් කළ උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුරයටත් එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img