fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට විදුලි කැපිල්ල නවතී

    අද සිට විදුලි කැපිල්ල නවතී

    අද(25) දින සිට අ.පො.ස. උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීමට අදාළ පාර්ශව එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

    අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනාවක් කරනු ලැබීය.

    ඒ සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරිම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දෙනු ලැබේ.

    ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවිමට සියලුම පාර්ශවයන් එකඟතාවය පළකර සිටි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය හා පහසුකම් සැපයීමට මැදිහත්විය යුතුය.

    ඒ අනුව අ.පො.ස (උ.පෙළ) විභාගය පැවැත්වෙන කාලය තළ අද දින සිට විදුලිය විසන්ධි නොකිරීමට එකඟ වූ බව කොමිසම කියයි.

    මේ අවස්ථාවේ මෙම සමථය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් වශයෙන් ඇතුළත් කරනු ලබන අතර එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එකග වූ බව නිවේදනයක් මගින් දැනුම් දී සිටී.

    ලබන 17 වැනිදා දක්වා උසස්පෙළ විභාගය පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.