fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Ride Sri Lanka 2023’ පාපැදි සවාරිය ශ්‍රී ලංකාවට රැගෙන...

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Ride Sri Lanka 2023’ පාපැදි සවාරිය ශ්‍රී ලංකාවට රැගෙන එයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය, ලොව පුරා ආකර්ශණය දිනාගත් “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය දිවයින වටා සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය ජනවාරි 23 වන දින Jetwing Jaffna සිට ආරම්භ කිරීමට නියමිතයි. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය නිරූපණය කරමින් දිවයිනේ වඩාත්ම මනරම් ස්ථාන පසුකරමින් පැමිණෙන මෙම පාපැදි සවාරිය ජනවාරි 28 වන දින ගාල්ලට ළඟා වනු ඇත.

    ඒ අනුව යාපනය, මන්නාරම, අනුරාධපුරය, සීගිරිය, රම්බොඩ, නුවරඑළිය, ඇල්ල, තිස්සමහාරාමය සහ ගාල්ල වැනි දිවයිනේ පාරිසරික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන සහිත නගර පසුකරමින් සංචාරයේ හත්වැනි දින කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ. එහිදී පාපැදිකරුවන් කොළඹ අවට පාපැදි සවාරියක නිරතවනු ඇත. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පාපැදි සවාරියක ආරම්භක ස්ථානය ලෙස යාපනය තෝරා ගත් පළමු අවස්ථාව ද මෙය වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය. ” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගමනාන්ත ප්‍රවර්ධකයෙකු ලෙස, නිවාඩුව සඳහා පමණක් නොව, ත්‍රාසජනක ක්‍රීඩා සහ සුවතාවය සහ විඳදරාගැනීමේ ක්‍රියාකාරකම් සඳහා ද ශ්‍රී ලංකාව සිත් ඇදගන්නා ගමනාන්තයක් බව පෙන්වීමට අපි බොහෝ මුල පිරීම් ආරම්භ කරලා තියෙනවා. අපගේ පෞරාණික වෙරළ තීරයන්, වන සතුන් සහ මෙරටට ආවේණික ආගන්තුක සත්කාරය සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා වගේම, අපගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ පිරිනැමීමයි. ඒ වගේම රට නැරඹීමට සුදුසුම කාලය මෙය බවත් අපි ලොව පුරා පණිවිඩය ගෙන යනවා. ” යැයිද ඒ මහතා පැවසීය.

    මෙම සංචාරයට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර පාපැදිකරුවන් 15 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සමඟ පාපැදි පැදීම සඳහා විශේෂිත වූ ජාත්‍යන්තර මාධ්‍ය සහ පාපැදි සවාරයිට අවශ්‍ය වන අලෙවිසැල් රැසක් ද පැමිණ ඇත. මේ සඳහා සහභාගී වන ධාවකයින් අතර වත්මන් සහ සිව් වතාවක් ලෝක ඒකල 24HR ශූරයා සහ දෙවරක් කැනේඩියානු මැරතන් ශූරයා වන Cory Wallace, එක්වන අතර ඔහු කැනඩා Kona Factory කණ්ඩායම සඳහා තරඟ කරයි.

    ඕස්ට්‍රේලියානු මවුන්ටන් බයික් සහ හත් වරක් 24HR Solo MTB ලෝක ශූරයා වූ Jason English, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ Topeak-Ergon Racing Team සඳහා තරඟ කරන සහ 2011 සිට සෑම වසරකම UCI MTB මැරතන් ලෝක ශූරතාවලිය සඳහා ජපානය නියෝජනය කරන Yuki Ikeda , පස් වතාවක් Xterra Major ශූරතා දිනූ සහ තුන් වතාවක් ජාතික ශූරයා වූ Karsten Madsen සහ IRONMAN බොරළු පාපැදි ධාවකයෙක් වන සහ, අප්‍රිකාවේ අමානි කණ්ඩායම නියෝජනය කරන Matt Lieto සහ ඔස්ට්‍රේලියානු ඔලිම්පික් ක්‍රීඩක Imogen Smith මේ සඳහා සහභාගී වන ක්‍රීඩකියන් අතරට එක්වනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම ප්‍රයත්නය සඳහා ලෝකයේ සුප්‍රසිද්ධ ආයතනයක් වන Mountain Biking Worldwide සමඟ හවුල් වී සිටින අතර, රටේ බොහෝ ආගන්තුක සත්කාර සහ සැපයුම් හවුල්කරුවන්ගෙන් ද මේ සඳහා සහාය ලැබෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.