fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අවුරුදු 38කට පසු අම්මා සොයාගත් නෙදර්ලන්ත දියණිය

    අවුරුදු 38කට පසු අම්මා සොයාගත් නෙදර්ලන්ත දියණිය

    දරුවෙකුට අම්මා තමයි ලොව උතුම්ම වස්තුව. ඒ ආදරය ලබන්න අකමැති කවුද ? බොහෝ වෙලාවට අපට ඒ ආදරය අහිමිවෙන අවස්ථා තිබෙනවා. ඇතමෙක් ජීවිතකාලයේම වද වෙන්නෙ ඒ ආදරය වෙනුවෙන්.

    ඒත් ජීවිතයේ අසීරුම තැන්වල ගන්න තීරණ කාලයත් සමඟ සාධාරණීය කළ හැකියි. මහ මහ දමා යන, කුණු බක්කියට දමා යන දරු සෙනෙහසට වඩා දරුවෙක් ජීවත්කරවන්න ගන්න සෙනෙහසත් ආදරයේ උල්පත තුළින් වෑහෙන සෙනෙහසම මිස වෙන කුමක් ද ? නන්දා මාලනිය මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා, අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා යැයි ගායනා කරන විට අපි සංවේදී වන්නේ ඒ නිසා.

    මේ කතාව ඒ පදපේලිවලට අපට ගලපගන්න පුළුවන්. මේ කතාවේ එන ශ්‍රී ලංකාවේ ඉපදුණු නෙදර්ලන්ත කාන්තාවක් ඊයේ(20) දිනයේ දී අවුරුදු 38කට පසුව තමන්ගෙ අම්මා සොයා ගන්නවා. ඒ කතාව මුහුණු පොතට ලියලා තියෙන්නෙ, මේ මහඟු පිංකමට නෑ බෑ නොකිය උදව් කරපු අපේම රටේ තරුණයෙක්. භවන්ත ගුණවර්ධන(Bhavantha Gunawardhane) නෙදර්ලන්ත කාන්තාවකට අවුරුදු 38කට පසුව තමන්ගෙ අම්මා හමුුවුණ හැටි බොහොම කෙටියෙන් ලියලා තිබුනේ මේ විදියට.

    වසර 38ට පසුව අම්මා සොයා ආව නෙදර්ලන්ත කාන්තාව..

    මෙයා ඇල්ලට එන්නෙ දවස් තුනක් නතර වෙන්න Arawe retreat එකට..Ishanka dilshan Ratnayake අයියට එතනදි ඒ කතාව එයා කියනව..ඉශන්ක අයිය මට ඒ කතාව කතා කරල කියනව.මෙයා ඉපදිලා තියෙන්නේ ලන්කාවේ.ඒ අම්මගෙ අසරන කම නිසා මෙයාව හදා ගන්න netherland යුවලකට දීල.එතකොට මෙයාට වයස මාස තුනයි..අපිට තිබුනෙ ඒ අම්මගෙ photo එකකුයි උපන් දිනයයි ඒ girl ඉපදුන hospital එකයි විතරයි..මමයි මගේ සමීපතම යහලුවෙකුයි hospital එකට ගිහින් විස්තර ටික අරගෙන ඒ අම්මාව හොයාගෙන ගියා..අවසානයේ අපිට ඒ අම්මව හොයගන්න පුලුවන් උනා..අවුරුදු 38 කට පස්සෙ ඒ අම්මාට තමන්ගෙ දරුවව හම්බ උනා.දැන් එයාට වයස 38..අම්මට 58..මේ ‍යටින් තියෙන්නෙ ඒ පින්තූර..මේ කාතාව හරිම කෙටියෙන් මම ලියල තියෙන්නෙ..මේ වැඩේට උදව් කරපු හෙමෝටම ගොඩක් ස්තූතිය..ගොඩක් පින්..

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.