තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසු දරුවන් රැගෙන ගිය බසයක් සහ වෑන් රියක් අනතුරක - 7ක්...

    පාසල් සිසු දරුවන් රැගෙන ගිය බසයක් සහ වෑන් රියක් අනතුරක – 7ක් මියගිහින් – පිරිසකට තුවාල

    නුවරඑළිය නානුඔයේ දී මීට ටික වේලාවකට (20) පෙර සිදුවූ අනතුරකින් 7 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයට යාමෙනි.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියකි.

    තුවාලකරුවන් රෝහල්ගත කරමින් පවතී.

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් රැගත් බසයේ ගමන් ගත් පිරිසට තුවාල පමණක් සිදුව ඇති බවට වාර්තා වේ.

    මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථ රියදුරු බව ද ආරංචි මාර්ග කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img