තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද වියදම් ගැන කියන කෙටුම්පත අද විවාදයට

    ඡන්ද වියදම් ගැන කියන කෙටුම්පත අද විවාදයට

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

    මේ අනුව අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහත පැවසීය.

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද(19) පැවැත්වීමට ඊයේ (18) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.

    ඊයේ දිනයේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img