fbpx
තවත්
    මුල් පිටුවspecialඉන්දියාවේ ඉහළම ධනවතුන් 1% සමස්ථ ධනයෙන් 40%කට හිමිකම් කියයි

    ඉන්දියාවේ ඉහළම ධනවතුන් 1% සමස්ථ ධනයෙන් 40%කට හිමිකම් කියයි

    ඉන්දියාවේ ධනවත්ම සියයට එක සතුව එරට සමස්ථ ධනයෙන් සියයට හතලිහකට වඩා වැඩි ප්‍රතිශතයක් හිමි බව නවතම වාර්තාවකින් අනාවරණය වේ.

    ඔක්ස්ෆාම් සංවිධානය විසින් සකස් කර ඇති මෙම නවතම වාර්තාව මගින් ඉන්දියාවේ ආදායම් බෙදීයාමේ විෂමතාවය මනාව පෙනී යයි. අදාල වාර්තාවට අනුව 2020 වර්ෂයේදී ඉන්දියාව තුල බිලියනපතියන් 102ක් සිට ඇති අතර එම සංඛ්‍යාව 2022 වන විට 166 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර, ඉන්දියාවේ දුප්පතුන්ට ජීවත් වීමට මූලික අවශ්‍යතා පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි. ඒ අනුව මේවන විට ඉන්දියාව තුල නිර්මාණය වී ඇති දැඩි ආදායම් බෙදීයාමේ විෂමතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාල සංවිධානය පෙන්වා දී ඇත්තේ ධනවතුන්ගෙන ධනය පදනම් කරගෙන බද්ධක් අය කළයුතු බවයි.

    එමෙන්ම ඉන්දියාවේ ධනවත්ම සියයට එක සමස්ථ ධනයෙන් සියයට හතලිහක් බුක්ති විඳින අවස්තාවේදී දුප්පත්ම සියයට පනහක ජනතාවට සමස්ථ ධනයෙන් සියයට තුනක් වැඩි අඩු ප්‍රතිශතයක් බුක්ති විදින බවද අදාල වාර්තාව හෙළිකරයි.

    2022 දී ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානිගේ ධනය 46% කින් වැඩි වූ අතර ඉන්දියාවේ ධනවත්ම 100 දෙනාගේ ඒකාබද්ධ ධනය ඩොලර් බිලියන 660 දක්වා ළඟා විය.

    2022 දී Bloomberg හි ධන දර්ශකයේ ලෝකයේ දෙවන ධනවත්ම පුද්ගලයා ලෙස ආදානි ශ්‍රේණිගත විය. එම කාලය තුළ ගෝලීය වශයෙන් වේගයෙන්ම ධනය ඉහළ ගිය පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ද ප්‍රමුඛයා බවට ආදානි පත්විය.

    මේ අතර, රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තිකයින් ධනවතුන්ට වඩා බදු අය කළ බව ඔක්ස්ෆෑම් පවසයි. රටේ සමස්ත භාණ්ඩ හා සේවා බද්දෙන් (GST) ආසන්න වශයෙන් සියයට හැට හතරක් ජනගහණයෙන් පහළම ආදායම් ලබන සියයට පනහින් ලැබුණු අතර ඉහළම ආදායම් ලබන සියයට දහයෙන් ලැබී ඇත්තේ සියයට හතරක් පමණක් බව වාර්තාව පවසයි.

    “ඉන්දියාව අවාසනාවන්ත ලෙස ධනවතුන් සඳහා පමණක් වූ රටක් බවට පත්වීමේ වේගවත් මාවතක ගමන් කරයි,” යනුනේ ඔක්ස්ෆෑම් හී ඉන්දියාවේ ප්‍රධාන විධායක අමිතාබ් බෙහාර් පැවසීය. “රටේ කොන් කරන ලද – දාලිත්, ආදිවාසී, මුස්ලිම්, කාන්තාවන් සහ අවිධිමත් අංශයේ කම්කරුවන් ධනවත්ම අයගේ පැවැත්ම සහතික කරන සමාජ ආර්ථික ක්‍රමයක් තුළ අඛණ්ඩව දුක් විඳීම සිදුකරයි.”

    ඉන්දියාවේ ධනවතුන්, දැනට අඩු කරන ලද ආයතනික බදු, බදු නිදහස් කිරීම් සහ වෙනත් දිරිගැන්වීම් වලින් ප්‍රතිලාභ ලබන බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම විෂමතාව නිවැරදි කිරීම සඳහා ඉදිරි අයවැයෙන් ධන බද්ද වැනි ප්‍රගතිශීලී බදු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස එම සංවිධානය මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ සම්පූර්ණ ධනය මත සියයට දෙකක බද්දක් පැනවීම ඉදිරි වසර තුන සඳහා රටේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහනයේ පෝෂණයට සහාය වනු ඇතැයිද අදාල වාර්තාව පවසයි.

    මේ අතර සියයට එකක වත්කම් බද්දක් මගින් වසර එකහාමාරකට කට වැඩි කාලයක් සඳහා ඉන්දියාවේ විශාලතම සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන ජාතික සෞඛ්‍ය මෙහෙයුමට අරමුදල් සැපයිය හැකි බව අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    එමෙන්ම ඉන්දියාවේ ඉහළම ධනවතුන් 100 දෙනාට සියයට දෙකයි දශම පහක බදු හෝ ඉහළම ඉන්දීය ධනවතුන් 10 දෙනාට සියයට පහක බදු පැනවීමෙන් දරුවන් මිලියන 150ක් නැවත පාසල් අධ්‍යාපනය යොමු කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට හැකියාව ලැබෙන බවද ඔක්ස්ෆෑම් පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.