තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වකුගඩු ජාවාරමට හොර ලේඛන හැදූ ග්‍රාම සේවකයින් 2ක් දැලේ

    වකුගඩු ජාවාරමට හොර ලේඛන හැදූ ග්‍රාම සේවකයින් 2ක් දැලේ

    බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුවූ වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙක් සහ එම ජාවාරමට අවශ්‍ය හොර ලේඛන සකස් කළ ග්‍රාම සේවකයින් දෙදෙනෙක් අද (16) සවස කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

    අත්අඩංගුවටගත් ග්‍රාම සේවකයින් දෙදෙනා රාගිරියේ සහ කොළොන්නාව දහම්පුර යන ග්‍රාම සේවක වසම්වල සේවය කරන අය බව පොලීසිය කියයි.

    මෙම ග්‍රාම සේවකයින් දෙදෙනා රජගිරිය කලපලුවාවේ සහ බෝමිරියේ පදිංචිකරුවන්ය.

    රාගිරිය රෝහලේ වකුගඩු බද්ධකල පුද්ගලයින් තිදෙනෙකුට වකුගඩු අලෙවිකල තිදෙනෙකුට ඔවුන් පදිංචි ස්ථානය වෙනුවට වෙනත් ස්ථානවල පදිංචිකරුවන් බවට ව්‍යාජ ග්‍රාම සේවා සහතික ලබාදී ඇත්තේ මෙම ග්‍රාම නිලධාරීන් බව විමර්ශන වලින් අකනනාවරණය වීම හේතුවෙන් මෙම ග්‍රාම සේවා නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. එක් සහතිකයන් වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් ඔවුන් විසින් අයකරගෙන ඇති බව ද විමර්ශණ වලින් හෙළිවී තිබේ.

    තැරැව්කරුවා ආමර්වීදියේ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන අයෙකි. වකුගඩු අලෙවි කිරීමට කැමැත්තක් දක්වන එක් පුද්ගලයෙක් සොයා දීම වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් ලැබී ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම වකුගඩු ජාවාරම ගැන පුද්ගලික රූපවාහිනී නාලිකාවකට පවසා රජගිරියේ පුද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමක් සිදුවන බවට ප්‍රසිද්ධකර ඇත්තේද මෙම තැරැව්කරුවා විසිනි. ඒ ඔහුට තැරැව් ගාස්තුවත් ඔහු විසින් සොයාදුන් පුද්ගලයින් 05 දෙනෙකුගේ වකුගඩු ඉවත්කරගෙන වෙන අයට බද්ධකිරීමෙන් පසු පොරොන්දු වූ මුදල් ඒ අයට නොලැබීමත් හේතුකොටගෙනය.

    මෙම තිදෙනා හැරුණු කොට මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් මෙයට පෙර අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් සැකකරුවෙක් පමණි. ඒ කොළඹ 14 කජීමා වත්තේ පදිංචිකරුවෙක් වන බායි නැමැති අයයි. ඔහුද තැරැව්කරුවෙක් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. මෙම තැරැව්කරු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරග ගතවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img