fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙලිකොප්ටරයෙන් අත ගනියි

    හෙලිකොප්ටරයෙන් අත ගනියි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 17කට තනිව තරග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිවුස් වේව් කළ විමසීමේ දී පැවසීය.

    ඒ අනුව ඉතිරි මැතිවරණ කොට්ඨාශවලින් ද ඇතැම් ස්ථානවලට ශ්‍රිලනිප ය අත ලකුණින් තරග කිරීමට නියමිතව ඇතැයි හෙතම සඳහන් කළේය.

    ශ්‍රීලනිප සභාපති සහ 06වැනි විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ අති බහුතරය මෙම තිරණයට එළැඹි බව හෙතම කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මාධ්‍ය ඒකකය අද දහවල් නිවේදනයක් ද නිකුත් කළේය. එහි සඳහන් පරිදි අති බහුතරයක් වූ සෑම දිස්ත්‍රික්කයකටම අත ලකුණ යටතේ තරග කරන අතර ඒ අනුව ශ්‍රිලනිපයෙන් සියලු පළාත් පාලන ආයතනවලට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ට අවස්ථාව හිමිව තිබේ.

    ඇතැම් දිස්ත්‍රික් හා පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත යම් පළාත් පාලන ආයතනයකට පමණක් ජනතා නිදහස් සන්ධානයෙන් හෙලිකොප්ටරය යටතේ තරග කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.