තවත්
    මුල් පිටුවspecialනේපාලයේ ගුවන් අනතුරකින් 40ක් මරුට

    නේපාලයේ ගුවන් අනතුරකින් 40ක් මරුට

    නේපාලයේ පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු රැගෙන ගමන් කළ ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තාවේ.

    ඒ අනුව නේපාලයේ යෙටී ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය කත්මණ්ඩු නුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත ගමන් ගන්නා අතරතුරදී මෙලෙස අනතුරට පත්ව තිබේ.

    සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශයක් අසලින් පියාසර කරන අතර තුරදී පාලනයෙන් ගිලිහී තලෙස භ්‍රමණය වීමට පටන්ගෙන ඇති බවයි.

    මෙම ගුවන් යානයේ අවම වශයෙන් විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු යානයේ සිට ඇත.

    ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි සෙටි ගං ඉවුරේ කඩා වැටුණු ස්ථානයේ නේපාල සොල්දාදුවන් සිය ගණනක් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටිති.
    කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට මේවන විට මළ සිරුරු හතලිහක් සොයා ගැනීමට හැකිව ඇති අතර දිවි ගලවාගත් පුද්ගලයින් සිටී දැයි සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img