fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීතාවක සිරි බලන්න ඔඩිසි ගමන අරඹයි

    සීතාවක සිරි බලන්න ඔඩිසි ගමන අරඹයි

    කැලණිවැලි මාර්ගයේ සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව අද (15) උදෑසන ආරම්භ වී තිබේ.

    එය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ විය.

    සීතාවක පුරවරය නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම මෙම නව දුම්රිය සේවය ආරම්භ කිරීමේ අපේක්ෂාවයි.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    මෙම මාර්ගයේ වෙළඳ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මීට පෙර කොස්ගම සහ මහරගම අතර රේල් බස් සේවාවක් ආරම්භ වී ක්‍රියාත්මක වූ අතර එය ද කොවිඩ් වසංගතයේ බලපෑමට පෙර සිටම නතර විය.

    එය අරඹා තිබුණේ මහරගම පමුණුව ඉලක්ක කරගෙන කුඩා පරිමාණ වෙළඳ ප්‍රජාවගේ ප්‍රවාහන පහසුව තකා ය. හෝමාගම මූලික රෝහලේ සායන සඳහා යන රෝගීන්ට ද මෙම රේල් බස් සේවාව අතිමහත් සේවයක් ඉටු කළේය.

    කැලණිවැලි මාර්ගයේ කාර්‍යාලයීය දුම්රිය වේලාවන් අතරතුර දුම්රිය ධාවනය වීම ඉතාම සීමිත බැවින් රේල් බසය මගින් ජනතාවට ඉමහත් සේවාවක් සැලස්වීය.

    බොහෝවිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන මන්දගාමී දුම්‍රියන් පවා එහි සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීම සිදුනොකරන අතර රේල් බසය කොස්ගම හා මහරගම අතර සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීම එම මාර්ගයේ ප්‍රජාවට මහත් අස්වැසිල්ලක් විය.

    මෙම මාර්ගයේ ගමන් ගන්නා මන්දගාමී දුම්රියන් පවා ඇතැම් දුම්රිය ස්ථානවල නොනවත්වන්නේ  ඇතැම් දුම්රිය රියදුරන්ගේ වුවමනාව මත බව මගීහු චෝදනා කරති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.