තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංජා එක්ක කොටුවූ මොණරාගල පොලිස් ලොක්කාගේ නිල නිවසින් තවත් දේවල් එළියට

    ගංජා එක්ක කොටුවූ මොණරාගල පොලිස් ලොක්කාගේ නිල නිවසින් තවත් දේවල් එළියට

    මොණරාගල කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර රැදී සිටි නිල නිවසේ තිබී දැව කදන් මත්පැන් බෝතල් සහ හැම්පර් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    දැව කදන් 05ක්, විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 37ක් සහ හැම්පර් 18ක් සොයාගත් දෑ අතර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    දැව කදන් 05 ද වැටලීමකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඒවා බව පෙනී යන බවත් ඔහු මෙම දැව කදන් තොගය නිල නිවාස භූමියේ තබාගෙන සිට ඇත්තේ බුත්තල කතරගම මාර්ගයේ ඉදිකරනු ලබන හෝටලයක දැව අවශ්‍යතාවය සඳහාදැයි සැකකරමින් ඒ ගැනද විමර්ශනයක් ආරම්භකර ඇත.

    ඊට අමතරව නිල නිවසේ තිබී සොයාගත් මත්පැන් බෝතල් තොගය ද වැටලීම්වලින් අත්අඩංගුවටගත් ඒවා බවට සැකයක් ඇතිවී තිබේ. හැම්පර් තොගය අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු ඔහුගේ හිතවතුන් විසින් ලබාදී ඇති ඒවා බවද පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img