තවත්
    මුල් පිටුවspecialචීනය ඇමරිකාවෙන් කළ ඉල්ලීම

    චීනය ඇමරිකාවෙන් කළ ඉල්ලීම

    ද්විපාර්ශ්වික සබඳතා දෙස තාර්කිකව බලන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. ඒ, ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, චීනය ඉලක්ක කර කමිටුවක් පිහිටුවීම පිළිබඳව අදහස් දක්වන ලෙස කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    ඇමරිකානු දේශපාලනඥයන් චීනය සහ චීන – ඇමරිකානු සබඳතා දෙස විෂය මූලික මෙන්ම සාධාරණ ආකල්පයකින් බලනු ඇතැයි තම රට අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී.

    තම රටේ අවශ්‍යතා මෙන්ම දෙරටේ පොදු අවශ්‍යතා එකම දිශාවකට යොමු ව පවතී. අන්‍යොන්‍ය ගෞරවය, සහජීවනය සහ පොදු ජයග්‍රාහී සහයෝගිතාවන් මත පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතා චීනය ප්‍රවර්ධනය කරන බව ද වං වෙන් බින් මහතා මෙහිදී පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img