තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියට දොස්තරලා 13ක හිඟයක්

    පොලීසියට දොස්තරලා 13ක හිඟයක්

    පොලිස් රෝහලේ කටයුතු සඳහා වෛද්‍යවරු 13 දෙනෙකුගේ පුරප්පාඩුව පවතින බැවින් සහකාර පොලිස් අධිකාරීවරු ලෙස වෛද්‍යවරුන් බදවා ගැනීමට පොලිස් මූලස්ථානය තීරණයකර තිබේ.

    ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස වෛද්‍යවරුන් පොලිස් සේවයට බදවා ගැනීමට අයදුම්පත් කැදවීමක්ද කර ඇත.

    උපසේවා සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙම වෛද්‍යවරුන් බදවා ගනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීමේ පදනම මත යැයි පොලිස් මූලස්ථානය කියයි.

    දැනට පවතින වෛද්‍යවරුන් 13 දෙනෙකුගේ පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය ලබන 18 වෙනිදා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු 011-2552953 යන දුරකතන අංකයෙන් විමසා දැන ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img