fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දයේ ඇප බාරගන්න එපා යැයි දන්වයි - තීරණය කැබිනට්ටුවෙන්

    පුංචි ඡන්දයේ ඇප බාරගන්න එපා යැයි දන්වයි – තීරණය කැබිනට්ටුවෙන්

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් භාරගැනීම නතර කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය ලබාදුන් නියෝගයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

    පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම යළි දැනුම්දෙන තෙක් නවතා දමන ලෙසට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා ඇතැයි සඳහන් ය.

    අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවකට අනුව මෙම පියවර ගන්නා බව ද ලේකම්වරයා එම ලිපියේ සඳහන් කොටට ඇත.

    එම ලිපිය පහත දැක්වේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට නාමයෝජනා කැඳවා තිබේ.

    මැතිවරණය සදහා ඇප භාර ගැනීම ද මැතිවරණ නිලධාරීන් විසින් ආරම්භ කොට ඇත.

    එවන් තත්ත්වයක් තුළ මැතිවරණයට ඇප බාරගැනීම නැවත දන්වන තුරු නවතා දමන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    “කැබිනට් මණ්ඩලය මේ අරගෙන තියෙන තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක්. ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බව” ඒ මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.