තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා වහන්සේ ගැන වැරදි කථා කී සේපාල CID අත්අඩංගුවට

    දළදා වහන්සේ ගැන වැරදි කථා කී සේපාල CID අත්අඩංගුවට

    ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරමින් සිටි සේපාල අමරසිංහ නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුවේදී අද අත්අඩංගුවට ගත්තේය.

    කුරුණෑගල වදාකඩ පොදුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනගා දේශීය හා විදේශිය ගිහිපැවදි බෞද්ධ ජනතාව රවටා මුදල් හා රත්රන් රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ලවී ඇති ජානක සේනාධිපති නැමැත්තා සම්බන්ධයෙන් සහ බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයේ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත්කරන සේපාල අමරසිංහ නැමැත්තාට එරෙහිව පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඇරඹි විමර්ශනයකට අදාලව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවද නිහාල් තල්දූව මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img