fbpx
තවත්

    බද්දක් නිදහස්

    පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

    ඒ අනුව HS කේත අංක 8504.40 යටතේ ආනයනය කරනු ලබන Static converters සහ Invertors මත වන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද 10% සිට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද 2312/67 ගැසට් නිවේදනය මගින් මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.