තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිරිවෙන්වලට බඳවාගත් පරිවේණාචාර්යවරුන්ට අවුරුද්දක් තිස්සේ පඩි නෑ

    පිරිවෙන්වලට බඳවාගත් පරිවේණාචාර්යවරුන්ට අවුරුද්දක් තිස්සේ පඩි නෑ

    පිරිවෙන්වලට පරිවේණාචාර්යවරුන් බඳවාගෙන වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් මහාභාණ්ඩාගාරය ඔවුන්ට මෙතෙක් කිසිදු වැටුපක් ගෙවා නැතැයි ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය චෝදනා කරයි.

    එලෙස බඳවාගත් පරිවේණාචාර්ය වරුන් 248 දෙනාට වසරක් තිස්සේ නොමිලේ සේවය කිරීමට සිදු ව ඇතැයි ද එම නිසා පරිවේණාචාර්ය වරුන් පිරිසක් මේ වන විට සේවය හැර ගොස් ඇතැයිද එම සංගමයේ ලේකම් මීගහජඳුරේ සීලානන්ද හිමියෝ පවසති.

    කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා පිරිවෙන් මණ්ඩලයෙන්ද අනුමතව මෙම පිරිස බඳවා ගෙන ඇතැයිද එහෙත් මහා භාණ්ඩාගාරය ඔවුන්ට වැටුප් ගෙවීමට මුදල් නිදහස් නොකරන බවද ලේකම් හිමියෝ කියති.

    වැටුප් නො ගෙවා සේවය පමණක් ලබාගන්නා පරිවේණාචාර්ය වරුන්ට හිඟ වැටුප් ගෙවා එම පත්වීම් පිළිගන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටින බවද සීලානන්ද හිමියෝ පවසති.

    මේ වන විට රට පුරා ගුරු පුරප්පාඩු 10,000ක් මම දිවෙන අතර ඒවා සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    රජයේ විශ්‍රාම ප්‍රතිපත්ති යටතේ ඉකුත් 31 වැනි දින වන විට ගුරුවරුන් 10,000ක් 12,000ක් අතර සංඛ්‍යාවක් විශ්‍රාම ගොස් ඇති අතර ඒ වෙනුවට රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් සහ නවක උපාධිධාරීන් බඳවා ගෙන එම පුරප්පාඩු සම්පූර්ණ කරන බවද ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ඉදිරි මාස තුන ඇතුළත විභාගයක් පවත්වා එම ගුරුවරුන් බදවා ගන්නා බවද අධ්‍යාපන ඇමතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img