fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය ආයතනවල සියලු කොටස් අයිතිය භාණ්ඩාගාර ලේකම්ට

    ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය ආයතනවල සියලු කොටස් අයිතිය භාණ්ඩාගාර ලේකම්ට

    රජය සතු ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව්සමාගමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    මෙහිදී ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය සමාගම් එම මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසීම ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

    ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් ය.

    එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී.

    එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ.

    2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.