තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මඟනැගුම ලොක්කෝ දෙදෙනකුට කැවුම් කිරිබත්වලින් පහරදී නව වසරේ වැඩ අල්ලලා

    මඟනැගුම ලොක්කෝ දෙදෙනකුට කැවුම් කිරිබත්වලින් පහරදී නව වසරේ වැඩ අල්ලලා

    නව වසරේ වැඩ ඇරඹිම සංකේතවත් කරමින් මග නැගුම කාර්යාලයේ අද(02) පැවති උත්සවය අතරතුර මගනැගුම ව්‍යාපෘති සභාපතිට හා විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමක් සම්බන්ධයෙන් මගනැගුම සේවකයින් දෙදෙනෙකුව පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එක් සැකකරුවෙක් මගනැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයාය. අනෙත් සැකකරු රියදුරු සංගමයේ කාරකසභිකයෙකි.

    අද උදෑසන කාලයේ මෙම පහරදීම සිදුවන්නේ 2023 වර්ෂයට අදාලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදීය.

    සභාපතිවරයාටත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාටත් පහරදී ඇත්තේ කෙසෙල්ගෙඩි කැවුම් සහ කිරිබත්වලිනි.

    මෙහිදී ඇතිවුණු නොසන්සුන් තත්ත්වය හමුවේ ඔවුන් දෙදෙනාව කාර්යාල සංකීර්ණයෙන් පිටතට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණිය.

    මෙම කාර්යාල සංකීර්ණය පිහිටා ඇත්තේ පෑලියගොඩ නවනුගේ පාරේය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img