fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මට අවශ්‍ය පවුලක් මිස ආයතනයක් නොවේ" - හැරී කුමරු කියයි

    “මට අවශ්‍ය පවුලක් මිස ආයතනයක් නොවේ” – හැරී කුමරු කියයි

    මට අවශ්‍ය පවුලක් මිස ආයතනයක් නොවේ යැයි මීට වසර තුනකට ඉහත බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වූ සසෙක්ස්හි ආදිපාදවරයා හැරී කුමරු පවසයි.

    ලබන ඉරිදා ITV හි විකාශය වීමට නියමිත රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක පූර්ව දැනුවත් කිරීමේ වීඩියෝ පටයක් සබැඳිව බ්‍රිතාන්‍ය ඇනඩෝලු ඒජන්සිය මෙම වාර්තාව පළ කර තිබේ.

    මෙම පූර්ව වීඩියෝ පටයට අනුව හැරී කුමරු පෙන්වා දෙන්නේ තම පියා වන චාල්ස් රජු සහ සහෝදර විලියම් කුමරු “නැවත ලබා ගැනීමට” කැමති බවයි. එහෙත් තමන්ට අවශ්‍ය වන්නේ ආයතනයක් නොව පවුලක් බව ඔහු එහි අවධාරණය කරයි.

    2020 ජූලි මාසයේදී එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තමා සහ ඔහුගේ ද්වි වාර්ගික බිරිඳ වන මේගන් මාක්ල් ගැන සඳහන් කරමින්, “ඔවුන්ට හැඟෙන්නේ කෙසේ හෝ අපව දුෂ්ටයන් ලෙස තබා ගැනීම වඩා හොඳ යැයි හැගෙන බව ද එහි දී හැරී කුමරු පවසා තිබේ.

    පසුගිය වසරේ එක්සත් ජනපද රූපවාහිනියේ, මෙම යුවළ බකිංහැම් මාලිගයේ මාක්ල්ට ජාතිවාදයක් ඇති වූ බවට පැමිණිලි කළහ.

    ඔවුන් චෝදනා කළේ එක් ජ්‍යෙෂ්ඨ පවුලේ සාමාජිකයෙකු මෙම යුවළගේ එවකට නූපන් බිළිඳා ආචීගේ සමේ වර්ණය ගැන ප්‍රශ්න කළ බවත්, ඉන් මේගන් මාලිගාවේදී විශාල චිත්තවේගීය පීඩනයකට මුහුණ දුන් බවත්ය.

    “මට අවශ්‍ය පවුලක් මිස ආයතනයක් නොවේ… ඔවුන් සංහිඳියාවට කිසිසේත්ම කැමැත්තක් දක්වා නැහැ,” හැරී මෙම සමුමුඛ සාකච්ඡාවේ දී පවසයි.

    හැරීගේ මිත්තණිය වන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා මෙම යුවළ අවසන් වරට සැප්තැම්බර් මාසයේදී ලන්ඩනයේදී දැකගත හැකි විය.

    ඔවුන් 2020 ජනවාරි මාසයේදී මාලිගාවේ නිල රාජකාරිවලින් ඉවත් වී එක්සත් ජනපදයට ගියේය. මෙම සම්මුඛ සාකච්ඡාව ලබන ඉරිදා බ්‍රිතාන්‍යයේ ITV ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.