තවත්
    මුල් පිටුවspecialදින දෙකට රුසියන් සොල්දාදුවන් 1500 මියගිහින්

    දින දෙකට රුසියන් සොල්දාදුවන් 1500 මියගිහින්

    ගෙවී ගිය දින දෙකක කාලය තුළ යුක්රේන-රුසියානු යුද්ධයේ දී රුසියානු සොල්දාදුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ස්කොට් මැක්ඩොනල් නිවුස් වීක් සඳහා කළ වාර්තාවක සඳහන්ව ඇත.

    මේ අනුව මියයන රුසියානු සොල්දාදුවන්ගේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් දිනකට මියයන සොල්දාදුවන් සංඛ්‍යාවට වඩා ඉහළ ගොස් ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

    මෙම වාර්තාවට අනුව යුද්ධයේ අවසන් දින දෙක තුළ රුසියාවට සොල්දාදුවන් 1,470 ක් අහිමි වී ඇති අතර 2022 පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට සොල්දාදුවන් 106,000 කට වැඩි පිරිසක් අහිමි වී ඇත.

    යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පසුගිය ඉරිදා ජාතිය අමතමින් රුසියානුවන් බය බවත් ඔවුන්ට බය දැනෙන බවත් ප්‍රකාශ කළේය.

    "ඔවුන් බයයි. ඔබට එය දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් බය වීම හරි. ඔවුන් පරදින නිසා. ඩ්‍රෝන, මිසයිල සහ වෙනත් කිසිවක් ඔවුන්ට උදව් නොකරනු ඇත. අපි එකට සිටින නිසා. ඔවුන් එකට සිටින්නේ බියෙන් පමණයි," සෙලෙන්ස්කි පවසයි.

    නව වසරේ පළමු දිනයේ දී යුක්රේනය ෂාහෙඩ් ඩ්‍රෝන යානා 45 ක් බිම හෙළූ බවත් සෙලෙන්ස්කි කීවේය. එසේ වුවද මෙම වාර්තාවට අයත් සංඛ්‍යා තොරතුරු රුසියාව නිල වශයෙන් පළිගෙන නැත. යුක්රේනයට සිදුවූ හානි පිළිබඳ මෙම වාර්තාවේ සඳහන් නොවීම ද විශේෂත්වයකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img