තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දැන් පෝලිම් නැතිවුණාට අපි තාමත් ඉන්නේ ගැඹුරු තැනක"- මුදල් ලේකම්

    “දැන් පෝලිම් නැතිවුණාට අපි තාමත් ඉන්නේ ගැඹුරු තැනක”- මුදල් ලේකම්

    “රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව දුර්වල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. මේ රටේ දශක ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඩුකම් තිබුණා” යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ දී අද පැවසීය.

    මුදල් අමාත්‍යාංශ සේවකයින් නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම නිමිත්තෙන් අද පෙරවරුවේ එම අමාත්‍යාංශ හමුවකට එක්වෙමින් ලේකම්වරයා එම අදහස් පළ කළේය.

    එහිදී මහින්ද සිරිවර්ධන මහතා මෙසේද කීවේය.

    “රාජ්‍ය සේවකයින් වන අපට මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක්. 2022 වසරේ සංකීර්ණ ගැඹුරු ආර්ථික අර්බුදයක් තිබ්බා. වසර ගණනාවක් තිස්සේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඬුකම් තිබුණා. එම අඩුලුහුඬුකම් මතුවෙලා ඉකුත් වසර දෙක හෝ තුන ඇතුළත තත්ත්වය වඩාත් තීව්‍ර වුණා. අපි තවමත් ඉන්නේ ඉතාම ගැඹුරු තත්ත්වයකයි. අපි ජනතාවට ඉන්ධන ගෑස් දුන්නට, පෝලිම් නැති වුණාට, තවමත් ඉන්නේ ඉතාම ගැඹුරු තත්ත්වයකයි.”

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img