fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ නිවස ගිනිතැබීම ගැන අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

    ජනපතිගේ නිවස ගිනිතැබීම ගැන අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි නිවසට කඩා වැදී ඊට ගිනිතබා හානිකිරීම සම්බන්ධයෙන් අරගලයේ හිටපු ක්‍රියාකාරීන් දෙනෙක් වන ධානිස් අලී සහ අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනාගෙන් අද (27) පැය 06 ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඔවුන් දෙදෙනාව කැදවා මෙම ප්‍රශ්න කිරීම සිදුව තිබේ.

    දීර්ඝ ලෙස සිදු කෙරුණු එම ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් දෙදෙනා අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.