තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල් අඟුරු නැව් එනවා - දීර්ඝ විදුලි කැපිලි නෑ!

    ගල් අඟුරු නැව් එනවා – දීර්ඝ විදුලි කැපිලි නෑ!

    ලබන ජනවාරි මාසයේ ගල්අඟුරු නෞකා 07ක් දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ලබන ජනවාරි 05 වනදා ඉන් පළමු ගල් අඟුරු නෞකාව දිවයිනට පැමිණීමට නියමිත ය.

    ගල් අඟුරු නෞකා ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බවටත් එසේ වුව‍හොත් නොරෙච්චෝලේ බලාගාරය ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බැවින් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ද විවිධ පාර්ශ්ව විසින් පසුගියදා මත පළ කර තිබුණි.

    කෙසේවෛතත් විදුලිබල අමාත්‍යවරයා පවසා තිබුණේ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සඳහා සැලසුම් සකස් කර ඇති බවත් එබැවින් අවශ්‍ය ගල් අගුරු තොග ගෙන්වා ගත හැකි බවත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට අවකාශශයක් නොලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img