තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පීඩන අවපාතය දුර්වල වෙයි - වැස්සෙන් පීඩාවූවන් දහස පනී

    පීඩන අවපාතය දුර්වල වෙයි – වැස්සෙන් පීඩාවූවන් දහස පනී

    රට තුළට පැමිණ ඇති පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවූ බලපෑම අඩු වනු ඇතැයි බලාපොරොත්තු වේ.

    මේ හේතුවෙන්,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැක.

    මෙම පීඩන අවපාතය හේතුවෙන් ඊයේ (25) දිනය තුළ ඇතිවු අධික වර්ෂාවත් සමග සිදු වූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය. තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    ඊයේ පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

    ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවය.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img