fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුනාමිය ඇවිත් ගිහින් අදට වසර 18ක්

    සුනාමිය ඇවිත් ගිහින් අදට වසර 18ක්

    මෑත ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව තුළ සිදුවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය වන සුනාමිය සිදුවී අදට වසර 18 ක් ගතවී තිබේ.

    සුනාමි ව්‍යවසනයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම සහ ආපදා වළක්වාලීම පිළිබඳ කතිකා කෙරෙන වාර්ෂිකව පවත්වන ජාතික සුරක්ෂීත දිනය අදට (26) යෙදී ඇත.

    ඒ අනුව සුනාමියෙන් අපට අහිමි වූවන් පිළිබඳ සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවයක් මෙවරත් පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව අද දිනයේ පෙරවරු 9.25 සිට 9.27 දක්වා කාලය නිහඩතාවයක් පැවැත්වීමට නියමිත බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළඟා වූයේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය.

    ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ.

    තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය.

    සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් ය.

    2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් අඛණ්ඩව ජාතික සිහිකිරීමක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලදි.

    මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

    ප්‍රධාන අනුස්මරණ අවස්ථාව ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.