fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන් තුලනය කරන්න කමිටුවක්

    රාජ්‍ය සේවකයන් තුලනය කරන්න කමිටුවක්

    රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමේදී ඉවත් වන පිරිස සහ සේවයේ යෙදී සිටින පිරිස තුලනය කිරීමේ අරමුණින් කමිටුවක් පත්කර තිබේ.

    රාජ්‍ය සේවය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අදාළ තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත.

    වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම යා යුතු බවට රජය තීරණයක් ගෙන තිබේ.

    ඊට අදාළව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇත.

    එහිදී රාජ්‍ය සේවකයින් තුලනය කිරීමේ අරමුණින් පත්කර ඇති මෙම කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කර ඇත.

    එම කමිටුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු සාමාජිකයින් පත්කර තිබේ.

    වයස අවුරුදු 60 සම්පූර්ණ කරන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමේදී රාජ්‍ය සේවයේ සිදුවන සේවක පුරප්පාඩු පිළිබඳව ද අදාළ කමිටුවේ අවධානය යොමු කෙරේ.

    ඒ සඳහා සේවකයින් බඳවා ගන්නේ නම් ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කමිටුව විසින් සිදුළ යුතු අතර කමිටු නිර්දේශ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.