තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පා ගිහින් ආ කොස්තාපල් සැප මදි යැයි කියා පොලීසියේ යකා නටලා

    ස්පා ගිහින් ආ කොස්තාපල් සැප මදි යැයි කියා පොලීසියේ යකා නටලා

    කොල්ලුපිටිය මුහුදු මාවතේ පිහිටි සම්බහන මධ්‍යස්ථානයකට ගොස් රුපියල් 5000ක මුදලක් කාන්තාවකට ලබාදී ලබාගත් සේවය පොරොන්දු වූ ලෙස ලබා නොදුන් බව කියමින් පොලිස් කොස්තාපල්වරයෙක් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණ ඊයේ රාත්‍රී කාලයේ යකා නටා තිබේ.

    දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිතරව සිටින කුලසීගන් නැමැති මෙම පොලිස් කොස්තාපල්වරයා තමාගේ පැමිණිල්ල භාරනොගතහොත් ඉහළ නිලධාරීන්ට දන්වන බව කියමින් පොලීසිය තුළ කෑ කෝ ගසමින් ගැටුමක්ද ඇතිකර ගැනීමට උත්සහ දරා ඇති බව සඳහන්ය.

    ඒ වන විට මෙම පොලිස් කොස්තාපල්වරයා බීමත්ව සිට ඇති අතර ඔහු කලහාකාරී හැසිරීමක් මෙහිදී පෙන්වා තිබේ.

    දිගින් දිගටම ඔහුගේ හැසිරීම ඉවසා ගැනීමට නොහැකි වූ තැන රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ. එහිදී ඔහුව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img