තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 4කට නායයාම් අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික් 4කට නායයාම් අනතුරු ඇඟවීම්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව කෑගල්ල කුරුණෑගල මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කයට මෙලෙස නායයාම් විශාල ගල් පෙරළීම් පස් කඳු කඩා වැටීම් පිළිබඳ අනතුරු අඟවා ඇත.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල, උකුවෙල, ලග්ගල පල්ලේගම, රත්තොට සහ නාඋල යන ප්‍රදේශවල ජනතාවට නායයාම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා ඇත.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, එම ප්‍රදේශවල පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

    එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, උඩුනුවර, පාතදුම්බර, පාතහේවාහැට සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ රඹුක්කන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

    ඊට හේතු වී ඇත්තේ පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට වර්ෂාපතනය මිලි මීටර් සියය ඉක්මවා ඇත. එබැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම් පස් කණ්ඩි කඩා වැටීම් පොළොව ගිලා බැසීම් පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂා කාරී තැනකට යාමට සූදානම් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img