fbpx
තවත්
    මුල් පිටුවspecialයෝධ මාළුටැංකියක් පුපුරා ගොස් බර්ලිනයේ වීදි යටවෙයි

    යෝධ මාළුටැංකියක් පුපුරා ගොස් බර්ලිනයේ වීදි යටවෙයි

    බර්ලිනයේ Radisson Blu හෝටලයේ හි ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මින්මැදුරක් පුපුරා ගොස් හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යටවීමේ සිද්ධියක් වාර්තාවේ.

    මෙලෙස පුපුරා ගිය අති විශාල මින්මැදුර ඇක්වා ඩෝම් ලෙසින් හැදින්වෙන “AquaDom” අතර මින් මැදුර මසුන් එක් දහස් පන්සීයකට නිවහන වී තිබූ අතර එය උසින් මීටර් 15.85 (අඩි 52) විය. මෙම දැවැන්ත මින් මැදුර ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙසද වාර්තා පොත්වලට ඇතුලුත්ව තිබිණි.

    මින් මැදුර පුපරා යාමෙන් පසු එහි තිබූ වීදුරු ප්‍රදේශය පුරා විසිරී යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ජර්මානු පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ජර්මානු පොලිසිය පැවසුවේ “ඇදහිය නොහැකි” හානියක් සිදුව ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් බර්ලිනයේ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ මින් මැදුරේ සිටි මත්ස්‍යයන්ගෙන් අතිමහත් බහුතරයක් මිය ගොස් ඇති අතර සීතල කාලගුණය ගලවා ගැනීමේ උත්සාහයන් වඩාත් දුෂ්කර වීමට හේතූ වු බවයි.

    කෙසේ වෙතත්, ගිනි නිවන හමුදාවේ නිලධාරි ජේම්ස් ප්‍රකාශ කළේ මේවන වන මුදාගත් මත්ස්‍යයින් වෙන් ආරක්ෂිත මින් මැදුරක තැන්පත් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම, මෙම මින් මැදුර පුපුරා යාමෙන් පසුව හෝලයේ ලොබියේ කුඩා ටැංකි වල සිටින මසුන් 400ක් පමණ වෙන් ස්ථානයකට ගෙන යෑමට පියවරා ගන්නා බවද ජර්මානු මාධ්‍ය අනාවරණය කර තිබිණි

    බර්ලින් නගරාධිපති ෆ්‍රැන්සිස්කා ගිෆී හෝටලයට ගොස් හානිය බැලීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගොස් ටැංකිය පුපුරා යාම සුනාමිය ව්‍යවසනයකට සමාන බවයි.

    මෙම මින් මැදුර පුපුරා යාමට හේතුවක් තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද ජර්මානු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම මින් මැදුර 2003 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද අතර ලොව විශාලතම සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත්විය. මින් මැදුර ඉදිකරන අවස්ථාවේ වාර්තාවලට අනුව, එය ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 11.2ක් පමණ වැය වී තිබිණි.

    ඇක්වා ඩෝම් මින්මැදුර පෙර පැවති අයුරු
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.