තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු කිලෝ 200ක් එක්ක ලාංකික පිරිසක් මුහුදේදී නා.හ. දැලේ

    මත්කුඩු කිලෝ 200ක් එක්ක ලාංකික පිරිසක් මුහුදේදී නා.හ. දැලේ

    මත්කුඩු කිලෝ 200ක් ගොඩබිමට රැගෙන ශ්‍රී ලංකිකයන් පිරිසක් යාත්‍රකරමින් තිබුණු බහුදින යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ දකුණු මුහුද ආශ්‍රීතව ගැඹුරු මුහුදු තීරය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ය.

    පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ විදේශිකයන් පිරිසක් විසින් මෙම මත්කුඩු තොගය රැගෙනවිත් ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුදේදී මෙරට යාත්‍රාවකට භාරදී ඇත.

    නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත්තේ එම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන එමින් තිබුණු මෙරට ධීවර යාත්‍රා දෙකකි.

    නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබේ.

    රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම දියත්කර ඇත.

    photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img