fbpx
තවත්

    තිළිණිට ඇප

    මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය අද නියෝග කර තිබේ.

    ඒ රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් මිලියනයක ශරීර ඇප මතයි.

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇයට ඇප නියම කළේ, අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව ය.

    රුපියල් බිලියන ගණනක් වන විවිධ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගෙන ඇත.

    එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමිව තිබුණි.

    ඇයට විදේශ ගමන් ද තහනම් වන අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑම මසක ම අවසාන ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබේ.

    එසේම අගරු වූ චෙක්පත්වලට අදාළ මුදල් ද ගෙවිය යුතු බවට ඇයට අධිකරණයේ දැඩි අවවාද මත තිළිණි ප්‍රියමාලිට ඇප ලැබී ඇති බව සඳහන්ය.

    ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ සිවිල්, ආගමික සහ දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට මුල්‍ය වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රියමාලි ඔක්තෝබර් මස මුලදී අත්අඩංගුවට ගනු ලැබීය.

    මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඇය රුපියල් බිලියන 1.28 ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.