තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනශක්ති සමූහයේ අධ්‍යක්ෂකයෙකුව ඝාතන තැතක් - අතපය ගැටගසා සිටියදී බොරැල්ල කනත්තෙන් හමුවෙයි

    ජනශක්ති සමූහයේ අධ්‍යක්ෂකයෙකුව ඝාතන තැතක් – අතපය ගැටගසා සිටියදී බොරැල්ල කනත්තෙන් හමුවෙයි

    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා ඊයේ සවස පැහැර ගැනීමකට ලක්ව තිබේ.

    පහරදී දෑත් ගැටගසා ගෙල වයරයකින් ගෙල සිරකර මෝටර් රථයක් තුළ බොරැල්ල කනත්තේ දමාගොස් තිබියදී ඔහුව හමුවී ඇත.

    ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකුගෙන් ලැබිය යුතු විශාල ණය මුදලක් ලැබීමට නියමිත පුද්ගලයෙක් මුණ ගැසීමට යැයි බිරිඳට පවසා කුරුදුවත්තේ පිිහිටි සිය නිවසින් ඔහු ඊයේ සවස පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

    මද වේලාවකට පසු බිරිඳ ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී එය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඇතිවුණු සැකයක් මත ඇය සිය ජංගම දුරකතනයේ මෘදුකාංගයක් ඔස්සේ සැමියා රැදී සිටින ස්ථානය ගැන සොයා බලා ඇති බවත් ඔහු බොරැල්ල කනත්තේ රැදී සිටින බවට තොරතුරු ලැබී ඇත්තේ එහිදී බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඒ අනුව ඇය ඒ බව සමාගමේ විධායක නිලධාරියෙකුට දැනුම් දී ඒ ඔස්සේ කළ සොයා බැලීමකදී ඒ මහතා මෝටර් රථය තුළ දෑත් ගැටගසා වයරයකින් ගෙල සිරකර සිටියදී හමුවී තිබේ.

    වහාම ඔහුව රෝහල්කරා රැගෙන ගොස් ඇති අතර මේ වන විට දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මේ සම්බන්ධයෙන් වූ විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img