තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ල කනත්තෙන් හමුවී රෝහල්ගත කළ ජනශක්ති අධ්‍යක්ෂකවරයා මියයයි

    බොරැල්ල කනත්තෙන් හමුවී රෝහල්ගත කළ ජනශක්ති අධ්‍යක්ෂකවරයා මියයයි

    බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෑත් දෙපා ගැටගසා ගෙල සිරකර සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා මියගොස් ඇත.

    වයස අවුරුදු 51ක් වන ඔහු කොළඹ 07 මල්පාරේ පදිංචිකරුවෙකි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලබන්නේ මෝටර් රථය තුළදී ඔහු යම් ශාරිරික හිරිහැරයන්ටද ලක්ව ඇති බවය.

    මෙම අපරාධය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය හා එක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img