fbpx
තවත්
    මුල් පිටුවspecialනවසීලන්තයේ ලබන වසරේ සිට සම්පූර්ණ දුම්කොළ තහනමක්

    නවසීලන්තයේ ලබන වසරේ සිට සම්පූර්ණ දුම්කොළ තහනමක්

    නවනසීලන්ත පාර්ලිමේන්තුවට මෙම සතිය මුලදී සම්මත කරන ලද නව ව්‍යවස්ථාවෙන් වර්ෂ 2008 න් පසු උපන් කිසිවකුට කිසිදා සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වන අයුරින් නව නීතියක් පනවා තිබේ.

    නවසීලන්තයේ මෙම තීරණයත් සමඟ සෑම වසරකම දුම්කොළ මිලදී ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ යනු ඇත. නිදසුනක් වශයෙන් වර්ෂ 2050 වන විට නවසීන්තයේ අවුරුදු 40 ක් වයසැති පිරිසට පවා සිගරට් මිලදී ගැනීමට නොහැකි වනු ඇත.

    මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍ය අයේෂා වෙරල් ප්‍රකාශ කළේ එය “දුම් රහිත අනාගතයක් සඳහා වූ පියවරක්” බවයි.

    “දහස් ගණනක් මිනිසුන් දිගු කාලයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනු ඇති අතර සෞඛ්‍ය පද්ධතිය දුම්පානය නිසා ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවීම හේතුවෙන් ඇමරිකානු බිලියන 3.2කට වඩා ඉතිරි වනු ඇත” වෛද්‍ය වෙරල් පැවසුවාය.

    නවසීලන්තයේ දුම්පානය අනුපාතය දැනටමත් සුවිශේෂී ලෙස අවම මට්ටමක පවතී, නොවැම්බර් මාසයේ නිකුත් කරන ලද රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිහිටියන්ගෙන් 8% ක් පමණක් දිනපතා දුම් පානය කරන අතර එම අගය පසුගිය වසරේ 9.4% ට වඩා අඩු වී තිබීම ද වීශේෂත්වයකි.

    මෙම නව දුම් රහිත පරිසර පනත් කෙටුම්පත මගින් 2025 වන විට එම සංඛ්‍යාව 5% ට වඩා අඩු කිරීමට බලාපොරොත්තු වන අතර, අවසානයේ එම භාවිතය මුළුමනින්ම ඉවත් කිරීමේ අරමුණ වී ඇත.

    මෙම පනත සැලසුම් කර ඇත්තේ නවසීලන්තය පුරා දදුම්කොළ නිෂ්පාදන අලෙවි කළ හැකි සිල්ලර වෙළෙන්දන්ගේ සංඛ්‍යාව 600 දක්වා සීමා කිරීමටයි. නවසීලන්ත රජයේ දත්ත වාර්තා අනුව එරට පුරා දැනට දුම්කොල නිෂ්පාදන අලෙවි කරන සිල්ලර වෙළෙන්දන් හය දහසක් සිටින අතර එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් පහත යනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

    කෙසේ වෙතත් නව නීති මගින් සිගරට් වලට වඩා තරුණ පරම්පරාවන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති ඉලෙක්ට්‍රොනික් දුම්වැටි නිෂ්පාදන තහනම් නොවීම සම්බන්ධයෙන් යම් ආන්දොලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.