fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටින් පනින්න හැදූ මතුගම සහන්ගේ බිරිඳ ගුවන්තොටේදී සී.අයි.ඩී.යට කොටු

    රටින් පනින්න හැදූ මතුගම සහන්ගේ බිරිඳ ගුවන්තොටේදී සී.අයි.ඩී.යට කොටු

    සහන් අරෝස් ජයසිංහ නොහොත් මතුගම සහන් නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ ටානියා රන්මාලි රටින් පළායාමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපොලට පැමිණ සිටියදී ඊයේ රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    සහන්ගේ බිරිඳ මෙසේ රටින් පළායාටම සූදානම් වී ඇත්තේ ඩුබායි රාජ්‍ය බලාය. මේ වන විට සහන්ද රැදී සිටින්නේ ඩුබායිවල බව සඳහන්ය.

    සහන්ගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා සහ මව සමඟ රටින් පළායාමේ අරමුණ ඇතිව ගුවන්තොටුපොලට පැමිණ සිටියදී අත්අඩංගුවට ගනු ලබන්නේ ඇයට එරෙහිව ඊයේ දිනයේදී ලබාගත් ගුවන්ගමන් තහනම් නියෝගයකට අනුවය.

    මතුගම සහන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ඇගේ බැංකු ගිණුමක් හරහා රුපියල් කෝටි 23ක මුදලක් හුවමාරුවී ඇති බවය.

    එම මුදල් අගේ ගිණුමට ලද ආකාරය ගැන කෙරෙන විමර්ශන අතර තුරේ ඇගේ මෙසේ රටින් පළායාමට සූදානම් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇය ඊයේ රටින් පළායාමට සූදානම්වන බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරකට අනුව විදෙස්ගමන් තහනමක් ලබාගත් බවත් ඒ අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලද බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.