තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"උපරිම මිල දැමූ රටවලට තෙල් දෙන්නෑ" - පුටින් කිපෙයි

    “උපරිම මිල දැමූ රටවලට තෙල් දෙන්නෑ” – පුටින් කිපෙයි

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එරට තෙල් සඳහා උපරිම මිලක් නියම කළ රටවලට තෙල් අපනයන කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ එම උපරිම මිල නියම කිරීම මෝඩ ක්‍රියාවක් බවට ප්‍රකාශකර තිබේ.

    ලෝකයේ විශාලතම බලශක්ති අපනයනකරුවා වන රුසියාවේ බලශක්තිය මත ලොව ප්‍රබල රාජ්‍යන් රැසකගේ ආර්ථිකය රඳා පවති.

    එවැනි පසුබිමක රුසියාව විසින් සිය බලශක්ති අපනයනය වැලැක්වීම සිදු කළහොත් එය ආර්ථික අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ජී7 රාජ්‍යයන්, යුරෝපා සංගමයේ රාජ්‍යන් සහ ඔස්ට්‍රේලියාව මෙම උපරිම මිලට එකඟතාවය පළකර තිබිණි. එහිදී මෙම රාජ්‍යයන් විසින් රුසියානු බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 60කට මිලදී ගැනීමට තීරණය කර තිබිණි.

    මෙහිදී රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ‟අපේ තෙල් වලට උපරිම මිලක් නියම කරපු රටවල්වලට අපි තෙල් විකිණීම නවතා දමනවා. මේ තෙල්වලට උපරිම මිලක් නියම කිරීම මෝඩ තීරණයක්. අවශ්‍ය වුවහොත් අපේ නිෂ්පදනයන් අඩු කරන්න පියවර ගන්නවා.” යනුවෙනි.

    මේ අතර රුසියානු ජනාධිතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම තීරණයන් ජාත්‍යන්තර බලශක්ති ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක්ද සිදුවිය හැකි බවයි.

    කෙසේ වෙතත් සීත සමය එළෑඹ ඇති අවස්ථාවක මෙලෙස ගෝලීය බලශක්ති සැපයුම කඩා වැටීම යුරෝපා රටවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි අතර එමගින් ගෝලීය අර්බුදයක් ඇති කිරීමට හැකියාව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img