තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ රට බංකොලොත් වෙච්ච වලව්වක් - පා.ම වීරසුමන වීරසිංහ‍

    මේ රට බංකොලොත් වෙච්ච වලව්වක් – පා.ම වීරසුමන වීරසිංහ‍

    “අපි දන්නවා ඉස්සර බංකොලොත් වලව් එහෙම තියෙනවා. ඒ වලව් බංකොලොත් වෙනකොට ගරා වැටනෙකොට තියෙන දේවල් විකුණලා විකුණලා අවසානයේ ඒ හාමුකම් සහ වලව්කම් සේරම අහවර වෙලා යනවා. දැන් මේ රටත් එහෙම බංකොලොත් වෙච්ච වලව්වක් ගානට ගෙනියන්නයි උත්සාහ කරන්නෙ” යැයි උත්තර ලංකා සභාගයේ පා.ම වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

    උත්තර ලංකා සභාගයේ බොරැල්ල කොමින්‍යුස්ට පක්ෂ කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවේ දී වීරසුමන වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඔහු මෙහි දී පා.ම වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද චෝදනාවක් කළේය.

    වීරසුමන වීරසිංහ මහතා මෙසේ දී කීවේය.

    සල්ලි නෑ මිනිස්සුන්ට කන්න දෙන්න විධියක් නෑ. මේ තියෙන දෙයක් විකුණලා හරි අපි කන්න බොන්න දෙමු කියලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නෙ. මෙහෙම විකුණන් කන පාලකයන් ද රටත් ජනතාවත් බලාපොරොත්තු වෙන්නෙ.

    අපි දන්නවා ඉස්සර බංකොලොත් වලව් එහෙම තියෙනවා. ඒ වලව් බංකොලොත් වෙනකොට ගරා වැටනෙකොට තියෙන දේවල් විකුණලා විකුණලා අවසානයේ ඒ හාමුකම් සහ වලව්කම් සේරම අහවර වෙලා යනවා.

    දැන් මේ රටත් එහෙම බංකොලොත් වෙච්ච වලව්වක් ගානට තමයි මේ රට ගෙනියන්න උත්සහ කරන්නෙ. ඒ නිසා මේ රාජ්‍ය ආයතන ටික විකුණුවායින් පසුව ඩොලර් බිලියන 3-4ක් සල්ලි ඒවි.

    ඔබ දන්නවා මිට මාස තුනකට විතර ඉහත ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3ක විතර ආධාර හමුවුණා. මාස 6කට අවශ්‍ය කෑම ටික තෙල් ටික ගන්නවත් ඒ මුදල ප්‍රමාණවත් වුණේ නැහැ.

    රාජ්‍ය ආයතන ටික විකුණලා මාස 4-5ක් කන්න දීලා ඊළඟ වටේ මැතිවරණයක් තියලා බලයට ඇවිල්ලා මේ රට කාබාසනීයා කරලා යන්න තමයි මොවුන් උත්සාහ කරන්නෙ. දැන් මේවා විකුණුවායින් පසුව ඊළඟට විකුණන්නෙ මොකද්ද ? ඊළඟට විකුණන්න දෙයක් තියෙනවා ද ?

    වජිර අබේවර්ධන මහත්මයා කියලා තිබුණා රහස් ඡන්දයක් තිවුවොත් අපට 140 විතර ඉන්නවා ය කියලා. වෙන්න පුළුවන්. පහුගිය ජනාධිපති තෝරද්දි ඔවුන් ඒක අත්හදා බැලුවා. අපි බලාපොරොත්තු නොවුන ආකාරයට 134ක් අත ඉස්සුවා රනිල් වික්‍රමසිංහ මහත්මයට.

    අපි දන්නවා එතැන සිදුවුණු මුදල් ගණුදෙනු හා පාවාදීම් ගැන. ඒක තමයි වජිර අබේවර්ධන මහත්මයා මේ කියන්නෙ. මන්ත්‍රීවරුන් මුදලට ගන්න පුළුවන් කියලා ඔවුන් තවත් වටයකින් මේ කියලා තියෙන්නෙ යැයි වීරසුමන වීරසිංහ මහතා පැවැසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img