තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනවාරියේ සිට විදුලි බිල් - රිසිට්පත් කඩදාසිවලින් තොරයි

    ජනවාරියේ සිට විදුලි බිල් – රිසිට්පත් කඩදාසිවලින් තොරයි

    ලබන ජනවාරි මස සිට විදුලිබිල් සහ ගෙවුම් සහතික මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් කළමණාකරණය සහ අඩු කිරීම වෙනුවෙන් තීරණ ගැනීමේ සාකච්ඡාවක් ඊයේ පැවති අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි.

    එමෙන්ම වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, දැනට පෞද්ගලික අංශයෙන් සිදු කරන ඇතැම් සේවාවන් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් සිදු කිරිමටත් එසේ නොහැකි සේවාවන් අඩු පිරිවැයකට පළාත් පාලන ආයතන මගින් සිදු කර ගෙවීම් වැඩපිළිවෙල් ඇතුළු වියදම් කළමණාකරණය සහ අඩු කිරීම වෙනුවෙන් එහිදී තීරණ ගෙන ඇත.

    විදුලිබල මණ්ඩලයේ 2021 වර්ෂයේ වැඩ ආරම්භ කර ඇති නව ගොඩනැගිල්ලේ ඉදිරිකිරීම් කටයුතු තාවකාලිකව නවතන ලෙස එහිදී දන්වා තිබේ.

    විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීමේ අංශයේ අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් සමග විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන් යාම සඳහා අවශ්‍ය කටයුතු කිරීමටත් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඊයේ සවස විදුලිබල අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පවත්වන ලදි.

    මෙම අවස්ථාවට දිවයින පුරා නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් මාර්ගගත ක්‍රමය මගින් සම්බන්ධ විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img