fbpx
තවත්
    මුල් පිටුවspecialඇපල් සමාගමට වැටුණු අලුත්ම නඩුව

    ඇපල් සමාගමට වැටුණු අලුත්ම නඩුව

    ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් දෙදනෙකු විසින් ඇපල් සමාගමට එරෙහිව එරට අධිකරණයක නඩු පවරා තිබේ.

    ඒ අනුව අදාල කාන්තාවන් දෙදෙනා විසින් ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන එයාර් ටැග් යොදාගෙන තමන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම සිදුකර බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ. අදාල නඩුව සැන් ෆ්‍රෑන්සිස්කෝ ෆෙඩරල් අධිකරණයක පවරා ඇත.

    ඇපල් සමාගම විසින් තම බෑග්, මුදල් පසුම්බිය වැනිදා අස්ථානගත වීමට වැලැක්වීමට හදුන්වාදුන් කුඩා බොත්තමක ප්‍රමාණයක එයාර් ටැග් එක සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට පැමිණිලි ලැබී තිබිණි.

    ඒ අනුව අදාල කාන්තාවන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ තම හිටපු පෙම්වතුන් දෙදෙනා එයාර් ටැග් යොදාගනිමින් තමන් යන එන ස්ථාන පිළිබඳ ඔත්තු බැලීමට කටයුතු කර ඇති බවයි.

    ඒ අතරම ඔවුන් දෙදෙනා පෙන්වා දී ඇත්තේ මෙම එයාර් ටැග් එක්සත් ජනපදයේ සිදුවූ කාන්තාවගේ මරණයකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවයි.

    කෙසේ වෙතත් මේ නඩුව සම්බන්ධයෙන් ඇපල් සමාගම තවමත් නිල ප්‍රකාශයක් ලබාදී නොමැති අතර ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කර ඇතතේ තම නිෂ්පදනවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට නිර්නතරයෙන් කටයුතු කරන බවයි.

    මෙහිද ඇපල් සමාගම පෙන්වා දී ඇත්තේ එයාර් ටැග් නිර්මාණය කර ඇත්තේ පුද්ගලයික භාණ්ඩ අස්ථාන ගතවීම වලක්වා ගැනීමට බවත් එය පුද්ගලයින්ගේ ගමන් බිමන් පිළිබඳ ඔත්තු බැලීමට යොදා ගැනීමට නොහැකි බවයි.

    එහිදී ඇපල් සමාගම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එයාර් ටැග් දුරකථනයෙන් සැලකිය යුතු දුරකින් පිහිටන විට අනතුරු ඇඟවීමේ සංඥාවක් නාදවන බවත් යම් අයෙකු එය වෙන් කාර්යක් සඳහා යොදාගැනීමට නොහැකි වන අයුරින් ආරක්ෂිත ක්‍රමවේද යොදා ගෙන ඇති බවත්ය.

    කෙසේ වෙතත් මෙම එයාර් ටැග් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව තුල විවිධ මත මේවන විට නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පැමිණිලිද එරට බලධාරීන් වෙත ලැබී ඇති බවටද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.