fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුහුණුව අතරතුර හමුදා සෙබලා යුද ටැංකියේ ගැටී මරුට

    පුහුණුව අතරතුර හමුදා සෙබලා යුද ටැංකියේ ගැටී මරුට

    කොකාවිල් සන්නා සන්නද්ධ පුහුණු කඳවුරේ නිලධාරීන් සහ සෙබළුන් යුද ටැංකි යොදා ගෙන කළ පුහුණුවකදී යුද ටැංකියක ගැටී සෙබලෙක් ඊයේ මිය ගොස් ඇත.

    තඹුත්තේගම සිරිමාපුර පදිංචිව සිටි එම්.ජී.අයි.වී. දසනායක නැමැති සෙබලා මෙසේ මියගොස් ඇත. එම සෙබලා මිය යන විට අවුරුදු 19කි.

    යුද ටැංකියට ආරක්ෂාව සැපයීම සඳහා මෙම පුහුණුව සිදුවී ඇති බවත් යුද ටැංකියට ඉදිරිපසින් ගමන් කරමින් සිටියදී මෙම සෙබලා අනපේක්ෂිත ලෙස මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මාන්කුලම පොලීසිය සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.