තවත්
    මුල් පිටුවspecialතානාපති කාර්යාලවලට බිහිසුණු පාර්සල් ඇවිත් - යුක්‍රේනයෙන් හදිසි නියෝගයක්

    තානාපති කාර්යාලවලට බිහිසුණු පාර්සල් ඇවිත් – යුක්‍රේනයෙන් හදිසි නියෝගයක්

    යුරෝපා රටවල් කිහිපයක පිහිටි යුක්‍රේන තානාපති කාර්යාල වෙත සත්ව ඇස් බහාලු පාර්සලය බැගින් ලැබී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

    විශේෂිත වර්ණයක් සහ සුවඳක් සහිත දියරයක පොඟවා ඇති ඇසුරුම් සහිත මෙම බිහිසුණු ආකාරයක් ගත් පාර්සලය අවසාන වරට ලැබී ඇත්තේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයට ය.

    මෙවැනිම සත්ව ඇස් බහාලු පාර්සලය බැගින් හංගේරියාව, නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රෝඒෂියාව, ඉතාලිිය, නේපාලය, චෙක් ජනරජය ආදි රටවල යුක්‍රේන තානාපති කාර්යාල වෙත යවා තිබේ.

    මෙම පාර්සලය ලද වහාම එම තානාපති කාර්යාලවල ආරක්ෂාව දැඩි කොට පොලිස් සුනඛයන් යොදවා ඇත.

    වතිකානුවේ පිහිටි යුක්රේන තානාපතිවරයාගේ නිවසේ දොරටුව විනාශ කර ඇති බවත්, කසකස්තානයේ පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයට ව්‍යාජ බෝම්බ තර්ජනයක් ලැබී ඇති බවත් යුක්රේන බලධාරීහු පවසති.

    ‘අපි මෙම පණිවිඩයේ තේරුම අධ්‍යයනය කරමින් ඉන්නේ’ යනුවෙන් යුක්රේන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඔලෙග් නිකොලෙන්කෝ පවසයි.

    එමෙන්ම යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සියලුම යුක්‍රේන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල දැඩි ආරක්ෂාවක් යටතේ තබන ලෙස හදිසි නියෝගයක් ද නිකුත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img