තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට දුන් ආධාර -ආයෝජන වෙනුවෙන් දේශපාලන ප්‍රතිලාභ එපා - චීනය

    ලංකාවට දුන් ආධාර -ආයෝජන වෙනුවෙන් දේශපාලන ප්‍රතිලාභ එපා – චීනය

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති හෝ මූල්‍යාධාර වෙනුවෙන්, කිසිදු දේශපාලන ප්‍රතිලාභයක් ලබාගැනීමට වෑයම් නොකරන බව චීනය කියාසිටී.

    විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගියදා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලීජියැං මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී ය.

    චීනය කිසිවිටකත් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ණය දීමක් සිදු කර නොමැති බව අලි සබ්‍රි මහතා පවසා ඇත. චීනය විවිධාකාර ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට මූල්‍ය හා මානුෂීය අතින් පුළුල් සහායක් ලබා දී තිබේ. “ණය උගුල” ‍යනු බටහිර රටවල ප්‍රබන්ධයක් පමණක් වන අතර, චීනය මුල සිට ම ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    අලි සබ්‍රි මහතාගේ මෙම ප්‍රකාශය කෙරෙහි චීනය ප්‍රසාදය පළ කරන  බව චාඕ ලීජියැං මහතා පැවසීය. එසේම, චීනය ශ්‍රී ලංකාවට සහය ලබා ‍දී ඇත්තේ කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව බව ද හෙතෙම අවධාරණය කළේය. චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහය වෙමින් සිටී. උපායමාර්ගික සබඳතාව ශක්තිමත් කරමින් දෙරට ජනතා සුබසෙත තහවුරු කිරීම චීනයේ අපේක්ෂාව ද බව චාඕ ලී ජියැං මහතා කියාසිටියේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img