තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාර් එකේ පුපුරණ ද්‍රව්‍ය අරන් ගිය අයෙක් STF දැලේ

    කාර් එකේ පුපුරණ ද්‍රව්‍ය අරන් ගිය අයෙක් STF දැලේ

    මෝටර් රථයකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව මීටියාගොඩ පොලිස් වසමේ ගලගොඩ මංසන්දියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජෙලට්නයිට් කූරු 02, විදුලිමය නොවන ඩෙටනේටර් 04, සාමාන්‍ය සේවා නූල් 01, ඇමෝනියා නියිට්‍රේටි කිලෝ ග්‍රෑම් 04 ක් මෝටර් රථයේ තිබී හමුවී ඇත.

    මෙම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 44 ක මාපලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    මෙමේ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියේ යම් අපරාධ සදහා යෙදවීමට දැයි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    මෙම පිපුරුමිකාරක තත්පරයට අඩි 6400 සිට 8600 දක්වා පැතිරවියහැකි අතර මෙම පුපුරන ද්‍රව්‍ය පහත් පුපුරන ද්‍රව්‍ය ගනයට අයත්වන අතර මෙමගින් රථවාහන පුද්ගලනාශක ගොඩනැගිලි විනාශකිරිමේ හැකියාවක් පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විඳුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක සි.එම්.සි. ප්‍රියරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img