තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය දෙවනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    අයවැය දෙවනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 37 කින් සම්මත වී තිබේ.

    අයවැය යෝජනාවලට පක්ෂව ඡන්ද 121 ක් හිමිවිය.

    අයවැයට එරෙහිව හිමිවූ ඡන්ද ගණන 84 කි.

    සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

    දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරු 18 දෙනෙකු ඡන්ද විමසීම අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිටියහ.

    අයවැයට පක්ෂව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රීවරුන්ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

    සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම සමග උත්තර ලංකා සභාගයට සම්බන්ධ මන්ත්‍රී කණ්ඩායමත්, චන්දිම විරක්කොඩි මන්ත්‍රීවරයාත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

    හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය දෙසැම්බර් 08 වනදා දක්වා දින 13 ක් පැවැත්වේ.

    දෙසැම්බර් 08 වනදා පස්වරු 5ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img