fbpx
තවත්
    මුල් පිටුවspecialපාරේ යන හරක් නිසා මනුස්සයෙක් හිරේට

    පාරේ යන හරක් නිසා මනුස්සයෙක් හිරේට

    බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් තම ගවයන් පාරේ යාමට ඉඩ හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ.

    මෙලෙස අත් අඩංගුවට පත් ප්‍රකාශ් ජායිරාම් දේසායි සිය ගවයින් නිදැල්ලේ හැරීම මගින් මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් වරදකරු විය. මීට අදාල තීන්දුව ලබා දෙමින් අධිකරණය පවසා ඇත්තේ මෙවැනි ක්‍රියා පසුගිය කාලයේදී ඉහළ යමින් පැවති බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අදාල තීන්දුව ලබා දුන් බවයි.

    කෙසේ වෙතත් මේවන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් ගුජරාට් ප්‍රාන්තය ද ඇතුළුව වීදිවල අයාලේ යන ගවයන්ගේ ගැටලුවට මුහුණ දී සිටී. එහෙත් ඉන්දියාවේ බහුතර හින්දු ප්‍රජාව සඳහා ගවයින් පූජනීය සතුන් වන අතර ගුජරාට් ඇතුළු ප්‍රාන්ත 18 ක ඔවුන් ඝාතනය කිරීම නීති විරෝධී ය.

    මේ අතර 2017 දී ගුජරාට් ප්‍රාන්තය ගවයෙකු ඝාතනය කරන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව දැනුම් දීමෙන් ගව ආරක්ෂණ නීති දැඩි කළේය. එම නීතියත් සමඟම ඉන්දියාවේ වීදි වල සැරිසරන ගවයින්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගිය අතර ඇතැම් විට මාර්ගයන් හී ගමනා ගමනයටද ගවයින් හේතුනෙව් දැඩි බාධාවක් එල්ල වී තිබේ.

    ඒමෙන්ම අයිතිකරුවන් ගවයින් මහ මඟ දමා යෑම හේතුවෙන් අනතුරු සිදුවීමේ පුද්ගලයින් මිය ගිය අවස්තාද ඉන්දියාවෙන් වාර්තාවේ.

    මේ අතර සැප්තැම්බර් මාසයේදී, ගුජරාටයේ ගව ගාල් පවත්වාගෙන යන පුණ්‍යායතන වෙත පොරොන්දු වූ රජයේ ආධාර නොලැබීමට එරෙහිව විරෝධය දක්වමින් ගවයින් දහස් ගණනක් නිදහස් කර ඇත. ඒ් අනුව ඒම ගවයින් රජයේ ගොඩනැගිලි හරහා ගමන් කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වල විශාල වශයෙන් සංචරනය වූ අතර පසුව බලධාරීන් විසින් ගැටලුව විසදීමට පොරොන්දු විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.